මම ඇඬූ විට නුඹ සිනාසෙන
මම සිනාසෙන විට නුඹ හඬන්නට සැරසෙනඅරුමයකි මට නම් අපේ මේ පෙම් කතාව
දකින්නට ආසයි නුඹෙ සොඳුරු සිනහව
ගෙනෙයි සුවයක් නුඹෙ කිකිණි හඬ
දුරින් හිඳ පෙම් කරන මට නැතත් නුඹෙ පහස
අවැසිමයි ලෝ සතට ඒ සොඳුරු සිත් මිහිර
ඇහැකි මට විඳගන්න
ලෝ සතුගෙ සතුට දැක
නුඹේ ඔය ආදරය ...
තවකෙකුගෙ සතුට වෙනුවෙන්
සිනාසෙන්නට වරම් ඉල්ලන
නුඹ වෙනුවෙන්,
හැමදාම නොවුනත්, හඬන්නම් මම අවැසි වෙලාවක
ලොවට රහසක් වූ අපේ පෙම් කතාවේ
හැමදාම වෙන්නම් මම අඳුරු වැහි වලාකුළ..
ලතාවට ගලා බසින ගං කොමළියට
දුරින් හඳ පෙම් බඳින..
GOOD JOB
ReplyDelete🌺❣️
ReplyDelete❤️
ReplyDeleteලස්සනයි 💝💝
ReplyDelete