Wednesday, January 19, 2022

 

මුහුණු පොතටම මූණ ඔබාගෙන

දවස තිස්සෙම උඩ පහළ යන

වරෙක සිනාවෙන, විටෙක අඬන

තවත් වරෙක නටන ගයන රවන බනින

බිසී කියා රඟන දනන් අභිමුඛ 

කොතරම් මිහිරි තනු වැයුවත්

 යථා ලෝකයක සිට නුඹ 

එකම එක ලයික් එකක්

එකම එක කොමෙන්ටුවක්

ගන්නට අවැසි නම් 

වේවි නුඹටත්

 අතත්‍ය ලෝකයේ ගිණුම් හිමියෙකු වන්නට....

1 comment:

  නිසංසලේ ගං ඉවුරක  බොරළු ඇනෙන පුලින බිමක   සඳ නැග එන එක් යාමෙක  දොඩමළු වූවා මතකද  නුඹත් මමත් පාළු රැයක  ජීවිතයම ළඟින් ඉන්න  දුන් පොරොන්දු අ...