Wednesday, January 19, 2022

ජීවිත කවිය...

 

ජීවිතය දුකයි.. බොහෝ විට දුක දැනෙයි

හදවතට පෙර සේම.. නොනවතින හද ගැස්ම

රිද්මයට කදුළු ගලා ඒයි

නොදැනීම..

විටෙක සතුට ද විටෙක දුක ද 

කියා නිම කළ නොහැකි

ලියා අවසන් නොවූ

දුක් කවියක් වේ ...මගේ ජීවිතය

සිත් ගඟුලේ ගිලෙන විට

කරදර බාධක ජය ගෙන

ඉදිරියට යා යුතු බවත් හැඟේ

නොපමාව හඬ නගා ලොවට කියන්නම්

අනාගතයේ හිමි වන දෙය මටම වන බැවින්

 කටයුතු කළ යුතු බවත්, ජීවිතය කුමක්ද කියාත්, තේරුම් ගතිමි..

සතුට වෙනුවෙන් ගයනෙමි,

ජීවිතය කවියක් ලෙස...



No comments:

Post a Comment

  නිසංසලේ ගං ඉවුරක  බොරළු ඇනෙන පුලින බිමක   සඳ නැග එන එක් යාමෙක  දොඩමළු වූවා මතකද  නුඹත් මමත් පාළු රැයක  ජීවිතයම ළඟින් ඉන්න  දුන් පොරොන්දු අ...