Sunday, December 5, 2021

කම්බායේ තෙම‍ඟුල......

 කම්බායේ  තෙම‍‍ඟුල.....

දුවේ සීදේවියයි නුඹ..
එකලු කරනා නිවස
පියතුමගෙ කර මතින් 
හක්කොලන් කෙරූ නුඹ,
ගෙයි  අඳුරු මුල්ලකට වී
සැරසෙයි නුබෙ පලමු මඟුලට ..

ගුණ නැණින් ඔද වැඩී
දිනන විට  ලෝකයම
නෙත කඳුළු පිරුණි මගෙ මටත් නොදැනීම 

සත් මාල ගත දරා - හිරු කුමරු අත රැගෙන 
පිටත් වෙනවාද නුඹ 
පතිනියක් ලෙසින් අද
පා තැබුව රජ දහනෙ 
මූදේවියක් නොවී
කරන් කලඑළි යසට 
සීදේවියක්ම වී...

අලුත් ජීවයක් රැගෙන 
සැරසෙද්දී නුඹ තෙවනි මඟුලට 
මම ගියා මට හොරෙන් - මගෙ මඟුල් දිනයට
කම්බායකින් ඔතා කිරිකැටිය සුව නින්දෙ
නුඹත් ඔය වාගෙමයි සිටියෙ මගෙ පපු අස්සෙ..

අප වින්ද දුක සතුට එලෙසින්ම අත දරා
ඇය ආවෙ අපෙ ලොවට
 හදේ කඳුලක් නංවලා..
බෑ තනනු වැට කඩුලු
ඉරණමයි එය අපේ,
දිරිය ගමු දියණියනි
එකම මඟ  යන්නට ලොවේ.....

                                      





 

 










8 comments:

  නිසංසලේ ගං ඉවුරක  බොරළු ඇනෙන පුලින බිමක   සඳ නැග එන එක් යාමෙක  දොඩමළු වූවා මතකද  නුඹත් මමත් පාළු රැයක  ජීවිතයම ළඟින් ඉන්න  දුන් පොරොන්දු අ...