ප්ර: සුළඟටම පෙම් බැඳ
සුළං අතටම හැරුනාට
සිතුවාද...
නුඹව දක්කාන යන
විසල් රළකුත් ඇති වග
පි: රුවලක් ලෙසින් නිම වුනානම්
පෙම් බැඳිය යුතුමය පවනට
රළ පහර මඟ බලන් සිටියත්
පෙනී නොපෙනී යා යුතුමය
ප්ර: අහිකුණ්ඨක තැනගෙ
නලා හඬට නැටුවාට
සිතුනේම නැතිද
නුඹෙ පරපුරේ උන්
බුදුන්ටත් සෙවන දුන් වග
පි: බුදුන්ටත් සෙවන දුන් මුචලින්දලා සිටියාට
බණ කියන බණ අහන දනන් සිටිනා රටක
කිලි කියා උඩ මලුව තහනම් කලෙක ගැහැණුන්ට
සැපින්නක වූ මම
වයන පදට නටනවා හැර
දොහොත් මුදුන් දී වැදිය හැකිද
උතුම් තේවා හඬට....
ලෝ දම මෙයයි
උරුම කම් බොහෝමයි
දිනෙක තතු දුටුවත්
උඩුගං බලා යා නොහැකියි...
....චමිලා
😍🤟💙
ReplyDeleteලස්සන අදහසක් 🥳😍
ReplyDeleteලස්සනයි 💝
ReplyDelete